කරුප්පු
මට දැන් ලියන්න වෙලාවක් නෑ,මට දන් පුන්චි පුන්චි දෙවල් ලොකු වෙලා පේන්නෙ නෑ.මට දැන් නිකම්ම තියෙන ලෝකෙ ලස්සන කරල පෙන්නන්න තැනක් නෑ.
ලෝකෙ වෙනස් වෙලා නෑ.මොකුත් අඩු පාඩුවක් නෑ.
.......................
ඔරලෝසුව නැවතිලාම තිබ්බාවෙ මන් අද කතාවක් ලියනකල්ම.
අද මන් කියන්නම් කලු ගැන කතාවක්.
කලු හංසයො නෑ.
ඉන්නෙ සුදු වෙන්න බැරි වෙච්ච හංසයො විතරයි.
උන්ට වෙනම විලක් නෑ.උන්ට තියෙන්නෙත් සුදු උන්ගෙ විලමයි.උන්ට වෙනම කතාවක් නෑ.උන්ට තියෙන්නෙත් අපේ කතාවමයි.හැබයි ඉතින් එහෙමයි කියල සුදු හන්සයො උන්ව උන්ගෙම කියල පිලිගන්නෙ නෑ.
මන් අයෙත් කියන්නෙ ..,
කලු හන්සයො නෑ.!!!මේක කතාවක්!
කතාවල "ලස්සන අතින් ලියල,කටින් කියල විස්තර කරන්න බරි තරම්" කුමාරිකාවො ඉන්න එකේ කලු හංසයෙක් හිටියම මක් වෙනවද?
මට දැන් ලියන්න වෙලාවක් නෑ,මට දන් පුන්චි පුන්චි දෙවල් ලොකු වෙලා පේන්නෙ නෑ.මට දැන් නිකම්ම තියෙන ලෝකෙ ලස්සන කරල පෙන්නන්න තැනක් නෑ.
ලෝකෙ වෙනස් වෙලා නෑ.මොකුත් අඩු පාඩුවක් නෑ.
.......................
ඔරලෝසුව නැවතිලාම තිබ්බාවෙ මන් අද කතාවක් ලියනකල්ම.
අද මන් කියන්නම් කලු සුදු සහ අලු ගැන කතාවක්.
කලු හන්සයො ආසයි සුදු හන්සයො වගේම එක රොත්තට පීනන්න,උන් අසායි නටන්න ,ගයන්න , හයියෙන් හිනා වෙවි බීර බොන්න!හැබැයි උන්ට බෑ!උන් ඉන්නව බලගෙන සුදු හන්සයො දිහා.ඇයි උන්ට බැරි???උන්ගෙ තටු කඩලද?උන් ලෙඩින්ද?..
ආයෙත්...කලු හන්සයො නෑ මිත්‍රවරුනි.එහෙම ජාතියක් නෑ!
රෑට හඳ පෑව්වම විලේ වතුර දිලිසෙන්නෙ දියමන්තිය වාගෙ.එතකොට සුදු හන්සයො ඒ මැද්දට පැනල නටනව.වතුර කලත්තනව.කැලතුන වතුරේ බොඳ වෙලා යන හඳේ ඡායව දිහා කලු හන්සයො බලන් ඉන්නව.උන් වතුරට පනින් නෑ.වතුර කලත්තන් නෑ.හඳේ ලස්සන ඡායාව බොඳ කරන් නෑ.
හැබයි එක දවසක එක කලු හන්සයෙක් හිතින් හිතාගන්නව ඌ කලු නෑ කියල.ඌ ගිහින් සුදු හන්සයො මැද්දෙම පීනනව උගේ ලස්සන බෙල්ල උස්සල.උගේ කලු පාට පිහටු දිස්න දෙනව හන්ද එලියට දියමන්තියට වඩා හැඩට.කවියක් වගේ..සුදු හන්සයො ඈත් වෙලා ඌට ඉඩ දෙනව වෙනදේ බලන්න වගේ..උන්ගෙ ඇස් දිලිසෙනව.ඒ මද්දෙ කලු හන්සයගෙ ඡායාව!
කලු හන්සයා වැන්ජඹෙනව... තටු ගහල හඳේ චායාව මකනකල්ම. කැලතුන වතුරෙ නටන ඌ කලු නෑ. දැන් ඌ සුදු හන්සයෙක් මිත්‍රවරුනි! කලු හන්සයො ඌ දිහා බලන් ඉඳීවි ඌ සුදු හන්සයෙක් නිසා...සද්දයක් නැතුවම.
මිත්‍රවරුනි ,...කලු හන්සයො ඉන්නව!!!
අපිට පේන් නෑ!
{තේරෙන්නැත්තම් තේරුම් ගන්න දඟලන්න එපා.මේ ලොකෙ හැම දේම තේරෙන්න ඔනෙ නෑ,විඳින්න..}
ඇත්තටමනම් හන්සයො කවුරුත් තමන් කලුද සුදුද අලුද කියල දන් නෑ.




