Saturday, December 7, 2013

 

ගොදුර



මම ගමන් යාමට අකමැතිය .නෑ නෑ ! ඔබ තේරුම් ගත්තේ කොටසයි!මම ගමනාන්තයට කැමතිය !ගමනේ ආරම්භයටද කැමතිය.ගමන යෑමට අකමැතිය!
හේතුව ලංකාව ඝර්ම කලාපීය රට වලිනුත් හොඳම ඝර්ම කලාපයක් වීමයි.විස්තර කරන්නත් ඕනෑද?

පයින් නොයා ඩක්කුවේ යන්නට නම් ඩ්‍රැය්වර් මහතා ඕනෑය .අපිට ඩ්‍රැය්වර්ලා කඩෙන්  මිල දී ගන්නට සල්ලි නැති නිසා ඩ්‍රැය්වර් අප්පච්චිය.ගමන් යාමට හැර වෙන ඕනෑම දෙයකට ඩක්කුව එලවීමට අප්පච්චි කටයුතු කරයි!ඉතින් ටවුමේ කරක් ගැසීමට උවමනා වූ විට පයින් බඩගෑමට සිඩුවීම නොවලැක්විය හැකිය.
ගමන් අතරිනුත්  එපාම කරපු ගමන weddings වල යෑමයි!හේතු??හේතු නම් කෝටියකුත් තව එකක් දක්වා සිටිය හැක.
ඒ උනාට 4ක් කියන්නම් ,හරි ? ;)

1.මං wedding එක්කට යනවා කියන්නේ මෙක අනිවාරයයෙන්ම නෑදෑයෙකුගේ විය යුතුය.(නෑදෑයෝ කියන ජාතිය ගැන A/L results බලපොරොත්තුවෙන් ඉන්න ළමයෙකුට තිබෙන අදහස් සදාචාරත්මක හේතු මත මෙහි සඳහන් නොකරමි!)

2. සිඟිරි බිඟිරි ඇඳුම් දවටාගෙන සිටිය යුතුය!(කටු අනිනවා වැනි අනභිභවනීය සැප පහසුවක් සහිත රෙදි වලින් පමණක් ගැහනු ළමුන් සඳහා වූ උත්සව ඇඳුම් නිර්මාණය කිරීම මේ රටෙ නීතියක්  දැයි නොදනිමි :( )

3.අම්ම අරන් දුන් හීල්ස් දැමිය යුතුය!!! :S
ගහැණු ළමුන්ට මෙය විස්තර කල යුතු නැත.පිරිමි පක්ශයේ කවුරු හෝ  තවම අත් විඳ නැත්තම් අම්මාගේ හෝ අඬන්නේ ගහන්නේ නැති අක්කෙකුගේ සපත්තුවක් දාල බැලිය හැක!(නංගීලාගේ හීල්ස් දැමීම අනුවණයි!නංගිලා අඬා දොඬා අම්මලාට ඉතිරි වැඩ ටික භාර දෙනු ඇත!පස්සෙ නොකීව යැයි නොකියන්න! ;))ඉතින් ඔබ හීල් එක දැම්මාට වඩා වෙනස් හැඟීමක් මට අති වෙන්නේ යැයි සිතන්නේද?

4.ඊලඟට වැදගත් හේතුව නම් මට කරන්ඩ මෙලෝම වැඩක් නැති වීමයි .මගේ අම්ම සියලුම නොදන්න නෑදෑයින් සමඟ දන්නවා වාගේ සිනාසී කතා කරයි.මගේ පියා සියලුම දන්නා නෑයින් සමඟ  එක්වී සිනාසෙයි.මම පුඩිමක් වගෙ ඔහෙ ඉඳගෙන ඉඳිමි!එක එක ජාතියේ නෑයෝ හා නෑයෝ in  law  පැමින මා අසල හිඳ ගනී.තම තමන් අතර කිසිම පලක් නැති  වැද...ගත් ඕපාදූප රැසක් කියා පිටව යයි!මම සිටිමි  ඉඳගෙන සිටිමි. බල සිටිමි.එපමණකි!
මගේ සහොදරයාටද මට වන සංතෑසියම සිදුවේ.අය්ය නම් එපාම වුනාම game ගහයි. මට phone එකක් නැත . ඉතින් එ option එකත් මට නැත ! :( ඉතින් මන් මේ දැන් දමාපු වටලප්පමක් වගේ ඉන්දගෙන ඉඳිමි!!! :(


පොඩි පොඩි ළමයි බොහෝ විට මං අහිංසක, ආදරණීය, එයාලව හුරතල් කරන ජාතියේ අක්ක කෙනෙකු බව ක්ෂණික තීරණයන් ගනිති.(සත්ය තත්වය දන්නො දනිති )මේ වැරදි නිර්ණය  නිසා බොහො විට අවසානයෙ පාඩු සිදු වන්නෙ මටයි! :(
මේ එවන් අර්ධ වශයෙන් ස්වතත්න්ත්‍ර සත්ය කතාවකි ! ;)


 මඟුල් ගෙදරට අපි ලඟා වීමු.මෙය එළිමහන් wedding එකකි.අලුත් පන්නයට රාත්‍රියේ කලුවරේ තියපු එකකි .කලුවරේ කිව්වාට පාට පාට bulb වැල් බෙල්ලේ පටලෙන තරම් පාතින් එල්ල තිබුනි !ඉතින් විය යුතු ලෙසටම මම ගහක් යට පුටුවක් තමා ඉඳ ගත්තෙමි.පුටුව balance නැත .පුටවට මගෙ සැඟවුම් මැදිරිය බිඳ දමන්නට ඉඩ නොදී මම  circus පාරක් දම balance කර ඉඳ ගත්තෙමි!කාටවත් නොපෙනෙන නොහැඟෙනා සේ ඉඳ ගෙන ලෝකයා දෙස බලා සිටිමි!( මෙහි ලෝකයා යනු ඒක වචන නාම පදයක් නොව බහු වචන එකකි !!) ටික වේලාවක් සුව පහසුවෙන්  තනියෙන් සිටීමේ සුවය වින්ඳෙමි.කිසිම වැඩිහිටියෙක් මාව දුටුවේ නැත.ඒත් පොඩි උන් ලොකු අය මෙන් නොවන බව ටිකකින්ම මට තෙරුම් යන්නට විය.
ඔවුන්ට සැතපුම් ගනනක සිට වුව තම ගොදුරේ සුවඳ දැනේ !! ^^^ සැඟවීමෙන් පලක් නැත!ඔවුන් අනිවාර්යයෙන් ඔබ සොය ගනු ඇත!


 මඟුල් ගෙදර සැරසිලි විනාස කරමින් ගලවා ගත්  හුලං යමින් පවතින බලුම් බෝලයක් අයුදයක් ලෙස ගෙන කණ්ඩායමක් වශයෙන් ඔවුන් මා ආක්‍රමණය කරන ලදි.උපක්‍රමශීලී ලෙස මගේ ඉදිරියේ බැලුම් බෝලය උඩ දමමින් මගේ අවධානය ඒ දෙසට යොමු කරවා ආත්මාරක්ශාව ගෙන මගෙ තිබූ කල්පනාව බිඳ දමන ලදී.මං මෝඩයෙක් මෙන් උඩ යන රෝස පාට බැලුම් බෝලයට මෝහනය වී සිටියෙමි!
 ආක්‍රමනිකයන් සෙමින් සෙමින් මට නොදනෙන්නට බැලුම මා ආසන්නයටම තල්ලු කරන්නට විය.දැන් එය හරියටම මගේ මූණ ඉස්සරහ හරියේ වගේය!රෝස පාට බැලුම !දැන් මටත් එයට පාරක් ගැසිය හැක!මගේ දෑස් දිලිසෙයි. එය ඉතා අසන්නයේය .මා වෙතම පැමිනෙයි!!තව ටිකයි!!!
ම්ම්ම්...........
.රෝස පාට බැලුමට අමතරව ඊට පිටුපසින් පෙනෙන මේ කලු පාට දෙය  කුමක්ද?!එයත් මට බැලුමේ වේගයෙන්ම ලං වෙන්නේ ඇයි?!! හදිස්සියේම මට සිහි එළඹිනි!

 ආක්‍රමණිකයෙක්!!!දෙවියනේ මේ මා ඩෙසටම දුවගෙන එන්නෙ අති ඹ්හයනක, දුෂ්ට ආක්‍රමනික පොඩි එකෙක් නොවේද!!! :Oඔහු බැලුම පිටුපස ඒ වේගෙන්ම දිව ඒ . නැවතීමට කිසිම අදහසක් ඇති බවක් නොපෙනේ.මගේ කුඩා මොළයට සිද්ධ වන්නට යන දේ වහා වැටහිනි!
 අවිඥ්ඥානිකව මොලයෙන් ලැබුනු පණිවිඩයකට අනුව මං වහාම පුටුවෙන් නැගිට එහාට වුනෙමි.
මෙතෙක් වේලා slow motion මාවෙත පැමිනෙමින් තිබූ බැලුනය fast forward විය!ආක්‍රමනිකයාපුටුව උඩටත් ,පුටුව ආක්‍රමණිකය උඩටත් වශයෙන් වැටී දෙදෙනාම මිහි මව සිප ගති!

මා ගැලවුනෙමි!!!! මම සිතීමි!( ආආආආආආ ...පොඩි එකා පව්?? පොඩි එවුන් නිසා මට සිදු වී ඇති අකරතැබ්බ ඔබට සිදු වී නැතුවා විය යුතුය.)
නමුත් අහෝ !! මා කිසිදා යමක් ගැන මෙතරම් වැරදියට තේරුම් ගෙන නැතුවා විය යුතුය! ඒ වන විටත් ම කෙලින්ම ඔවුන්ගේ උගුලටම ඇවිද ගොස් හමාරය



පොලොව සිපගෙන සිටි කුමරයා මා දෙස බැලීය.ඔහුගේ අලුත් සූට් එකත් මූනෙ එක් පැත්තකත් පවුඩර් දැම්මා වගේය! දූවිලි ,වැලි, mix වී බදාමක් සේ ඇලවී ඇත.ඊලඟටඔහු නැගිටී වි  යැයි මම බලපොරොත්තු උනද ඔහු ඊට වඩ දුර කල්පනා කර ඉන්න විදියටම වැටී siren එක නාද කරන ලදී!!


මෙපමණ වේලාවක් invisible වී සිටි මට ස්පොට්ලයිට් එක පාස් විය! :S මුලු මඟුල් ගෙදරම දැන් මා දෙස බලගෙනය !හපෝයි!!මම ඉක්මනින් කල්පනා කලෙමි.

ආක්‍රමණිකයා වටා අතක් යැවීමි .හදවත ගිඩි ගිඩි ගා ගැහෙයි !මඟුල් ගෙදරම වැඩිහිටියො මගේ විනිසුරුවන් වී හමාරය.කිසි දෙයක් වරද්දන්නට බැරිය!

"
අනේ, පැටියො , වැටුනද?" මම ඔහුව අහුලා ගතිමි.වලිත් පිස දමා සූට් එකත් හැදුවෙමි!අර කෙහෙල්මල් රෝස පාට බලුම ගහේ පැටලී ඇත.එයත් අතට දුනිමි!
 සෑහෙන දුරට සියල්ල නිවැරදිව සිදු විය.judges ල බොහෝ දෙනෙක් මට හොඳ ලකුනු දම අහක බල ගත්හ.ටිකක් බරපතල කාන්තා judges ලා දෙතුන් දෙනෙක් ලඟටම පැමිණ ආක්‍රමණිකයා සනසන්නට විය.මාද ඉතාම ව්යාජ ලෙස හදවතින්ම"අඬන්න එපා පැටියෝ "" යයි කීවෙමි!


නමුත් මා පමා උනා වැඩිය .
කොහෙදෝ සිට දාරක ප්‍රේමයෙන් නෑවුන ආක්‍රමණිකයාගේ මෑණියෝ ඉගිල්ලෙනවා වැනි වේගයකින් එතැනට පැමිණියාය.ඇය ඔහුව වඩා ගත්ටාය .සීප ගත්තාය.සනසවා බිමින් තැබුවාය.
නඩුව අසන්නට ළමයාගේ ප්‍රමාණයට නැවී ඉඳ ගත්තාය .!
සොරගේ මව දැන් නඩු තීන්දුව දෙන බව මට ප්‍රත්යක්ෂය.
කමක් නැත!
මමත් මේ වන විට හොඳ ලකුණු සාහෙන ප්‍රමණයක් දමාගෙන සිටියෙමි.සො මාත් පපුව ඉස්සරට දාගෙන වීරයා වගේ හිටගෙන සිටියෙමි.
මන් මේ ජඩ ආක්‍රමණිකයන්ගේ ප්ලෑන තනිවම පරාජය කර සිටියෙමි!!


"මොකද පුතේ උනේ?"


දැන් ඉතින් සත්ය වසන් කිරීමට ඔහුට නොහැකිය!සාක්ශිකරුවන් මගෙ පැත්තේය!මම සිතීමි.


මට වැරදුනෙ එතනයි!!!!


අම්ම්ලා සම්බන්ධ කිසි අවස්තාවක logic වැඩ නොකරයි!!
ඔහු පිලිතුරු දෙයි.


"අක්ක තල්ලු කරා!"


 :@ *?!!\&$? *


අය්යා  එහා පැත්තේ සිට සිනා සෙනු මට පෙනේ!


සැ.‍යු:පොඩි උන් මට හින්ස කලද අවන්කවම ම'න් පොඩි උන්ට හිංසා කර නැත්තෙමි!නමුත් එක්  දෙයක් සක්සුදක් සේ දනිමි!පොඩි ළමයි යනු භයානක සත්ත්ව කොට්ඨශයකි!!!



Sunday, November 24, 2013

අනේ යන්ඩ එපා ඉන්ඩකෝ ....!!!!!!!!!!!!!!!!! ;)




 කේක් හදන්ඩ ගන්න කොකෝ powder තියෙනව නේද?!!
අම්මේ එවයෙ සුවඳඳඳඳඳඳ........!!
මට නම් මරුණෑකි ඒව ගොඩක් උඩ!!

මේ වැස්ස කාලෙට ඉතාම රසවත් මිහිරි පුසුඹින් යුක්ත අදහස් ගලාගෙන ගලාගෙන එන්ඩ එ වගෙ උත්තේජනයක් ඉතාම වැදගත්  !
ගෙදෙට්ට හොරු පැනලා පිස්තොලයක් මූණට  දික් කරත් ඒකාට පස්ස හරවලා කුෂන් පුටුවේ වටිල නිදා ගන්ඩ පුලුවන් සහජ හැකියාවක් තියෙනකොට....වහිනවා කියන්නෙ ඉර පායන්න්නෙ නැති උදේකට කලින් රාත්‍රිය උදා වුනා වගේ තමා !;)
ඒ වගේ වෙලාවකට මව්තුමීගෙ  දර්ශ්න පතේට එහෙම අහුවුනොත් දර්ශනීය ලෙස ගුටියක් කා අවදි වී කරන්නට වැඩක්  හොයා බැලීම මගේ දින චර්යාවයි.
(දැන් මේ අවස්තාවේ එහෙම දෙයක්  උනා කියල මම කිව්වද? හරි ඉතින් නෑ කිව්වෙත් නෑ තමා!! ;) )

මේ කතාව Coco powder  වලට කිසිම සම්බන්දයක් නෑ කියල කියන්ඩ ඕනෙ මුලින්ම.
මේක ඇවිල්ල අපේ ගෙදර වත්තටම ඇවිල්ලත් හරි හමන් විදියට පිලිගන්ඩ බැරි වෙච්ච අමුත්තෙක් ගැන කතාවක් 

 වෙන්ඩ ඔනෙ විදියටම එදා වැහි දවසක්.වෙලාව එක්කො 6.30 යි, නැත්තම්
ඔරලෝසුවෙ කට්ට අයෙත් හිටල!අම්ම වැඩ ඇරිල ආවා විතරයි.තෙමිච්ච හින්ද නාන්ඩ ගිය
bathroom එකට

ආන්න එ bathroom එක මේ කතාවෙ ප්‍රධාන චරිතයක් රඟපාන් හින්ද චුට්ටි විස්තරයක් දෙන්නම් .මේ
bathroom එක ඉස්සර තිබ්බෙ කෑම කාමරයක් හැටියට . පස්සෙ මොඩ් වෙලා දිගට තිබ්බ ජනෙල් කොට කරලා මල් වීදුරු දාලා එහෙම ඉන්නෙ .කෑලි 3ට තමා ඇඳල තියෙන්නෙ ( plan එකේ )  ජනෙල් තියෙන්නෙ එක කෑල්ලකට විතරයි .Wash basinඑකයි වතුර මලයී ඉතිරි කෑලි 2කේ බිත්ති වලින් වැහිලයි තියෙන්නේ ; ජනෙල් නැතුව ! තෙරුනානෙ සිද්දිය!?! ප්ලෑන ම තේරෙන්ඩ ඔනෙ නෙ, නාන කෑල්ලට ජනෙල් නෑ කියල තේරුණාම ඇති! :);)දැන් ඉතින් මන් හිතනව ජනෙල් තියෙන්නෙ මොන කෑල්ලෙද කියල තෙරුනා කියල!තේරුන් නැත්තම් ටිකක් හිතල බලන්ඩ washroom එක්ක වෙන මොනද තියෙන්නෙ කියල :)

දැන්.... අපේ අම්ම නාන්ඩ  යනකොට අහල පහල ගෙවල් දෙක තුනකට  ලාවට දැනගන්ඩ පුලුවන් ( මේ පැත්තෙ තොරතුරු දැන ගැනීමෙ අයිතිය ආරක්ස වෙලා තියෙනවනෙ තාම ;) ) මොකද, හෝදලා වනපු නැති රෙදි එහෙම දකිනකොට අපෙ අම්මගෙ ශීර්ෂපති  මණ්ඩපයම ගිණි ගන්න්නව!! ඒකට  මම කිසිම වගකීමක් භාරගන් නැති බව මේ අවස්ථාවේදි ප්‍රකාස  කරන්ඩ ඔනෙ!අනික මේ හොදල මිරිකල ඔක්කොම කරට පස්සේ ඔය රෙදි වලට ටිකක් තනියම හිතල වේලෙන්ඩ බැයිද ඔච්චරම!! :@ 

 එදත් දිරිය දියණියගෙ සද් දෙට ඉහලින් කත කරල වටෙ පිටේ අයට දැන්නුව කාගෙ කාගෙත් රෙදි වනාගත්තොත් අපල කාලයක් දුරු කර ගන්ඩ  පුලුවන් කියලා.
ඉතින් මමත් අපල කාලෙට පිළියම් යොදල දිරිය දියණියයි මූණු පොතයි අතරෙ දෝලනය වෙවී හිටියෙ.
ඔන්න එතකොටම මට ඇහුණ අප්පච්චි අහනව " කව්ද...?" කියල .මං ඉතින් cow නෙවෙනෙ කියල හිතාගෙන ලවක් දෙවක් නැතුව type කර කර හිටියා.
ටික්කින් ඇහෙනව ආයෙත්
" කව්ද ඔය....?!!"
තත්පර ගානක චින්තපර නිහැඪියාවක්!දොරත් අරන් අප්පොච්ච පැන්න එළියට!!!
bathroom එකට ඉහලින් ආව නියෝගයකට අනුව මාත් ගියා පස්සෙන්ම!!( ;) හා හා අන්ගෙ size  එකෙන් බෑ මනින්නට මිනිසා.. :) )
අප්පච්චි අතේ කොස්සය! මේ.. plastic කෑල්ලෙන් කොස් කොටන්ඩද?( අතුගාද්දිත් කැඩෙන අලුත් තාලේ ස්ට්ය්ලිශ් කොසු වලට වඩා multi-purpose දේශීය කොසු වල අගේ මේ වෙලවට තම තේරෙන්නෙ!)
ඒක දමල ගහල ගත්ත උදලු මිටක්!!
මට ඉතින් තෝමර නෑ , පන්දම් කාරයනෙ!විඩුලි පන්දම CID කාරය වගේ හතර මුල්ලටම විද විද පස්සෙන් පැන්නුවත් අමුත්තාට තේ ටිකක් දෙන්ඩ වත් අඬ ගහන්ඩ පුලුවන් උනේ නෑ.
අතාරින් නැතුව සද්ද විද්ද පලඟ පතිරණ වගේ කන් යොමාගෙන හිටියත් මටනං අවංකවම කිසිම සද්දයක් ඇහුන් නෑ!ගෙදෙට්ට ම ඇවිත් කිසිම ආගන්තුක සත්කාරයක් කරන්ඩ බැරි වෙච්ච එක ගැන හිතත මොකද්දෝ කරගෙන අපි දෙන්න ආයෙ ගෙදර ආව.
අප්පච්චි සිද්දිය විස්තර කරා.
අම්ම bathroom එකට යනකොට අප්පච්චි ඉඳල තියෙන්නෙ ජනෙල් තියෙන කොටසෙ.ඉතින් ටික්කින් බලද්දි කව්දෝ ජනේලෙ  මල් අස්සෙන් එබෙනවලු !:D
මට නම් විශ්වාසයි වැඩිහිටියන් දෙන්නම  බත්‍රූම් එකේ හින්ද බෙල් එක
ඇහෙන් නැති වෙයි කියල සද් කල්පනාවෙන් තමා අමුත්ත ජනේලෙන් එබිල පෙන්නුම් කරන්ඩ ඇත්තෙ තමා ආපු බව!!! ;)
ඉතින් එච්චර සද්ගුණවත්ව හිතල මතල වැඩ කරලත් අපි එලියට ආවම හදිස්සි කරල යන්ඩ ගියානෙ! :_(
මූණ වත් හරියට පෙන්නන් නැතුව ගියෙ නැත්තම් පාරක තොටක දී වත් ආයෙ හම්බුනොත් කතාකරන්ඩ තිබ්බ! කොහෙද ?!! එව්වාටවත් සිහියක් තිබ්බෙ නෑනේ, දිව්වනේ!ඒත් මන් මෙහෙම කියන එක වැරදී.මොකක් හරි හදීසිම වැඩක් තියෙන්ඩ ඇති!! ජීවිතයත් මරණයත් අතරෙ ජාතියෙ තීරණාත්මක වැඩැක් ද දන් නෑ නෙහ්! ;)
 

ඒ කොහොම උනත් ආයෙ අවොත් කහට කෝප්පයක් වත්  බීල යන්ඩ අප්පා!! අපිටත් හිතට හරි නෑ නේ! ;)

මෙන්න අලුත් කතාවක්  :) මේ කතාව මන් නොවන වෙනත් අනන්ත කීඩැවෙක් ලියපු එකක් !!කියෝලම බලන්ඩකො !! ;)



                                                          "අන්න මළගෙවල්"



ඇයි දෙයියෝ අපිව දාලා යන්නේ, මම කොහොමද වාවන්නේ, මට නම් මෙහෙ තනියම ඉන්ඩ බැරියෝ, පාන් රාත්තලක් අරන් එන්න ගිය ඔයා අවේ පෙට්ටියේ........., ඇයි මෙහෙම උනේ, කාටවත් වැරැද්දක් නොකරපු ඔයා......... බලන්ඩ නංගියේ ඉන්න අපූරුව අපි කියන එවා ඔක්කොම අහගෙන ඇහුනේ නෑ වෙගේ ඉන්නේ ඇයි රත්තරනේ...... මේවා ඇහෙන්නේ ඉතින් මළ ගෙවල් වල තමයි, හා ඉතින් ඒක එහෙමයි කියමුකො
අවසන් කටයුතු අනිද්දලු, හෙට හවස දිහා මළ ගෙදර ගිහින් එමු. පුතාටත් Class නැති එකේ එහෙම හොඳයි නේද? අම්මා අප්පච්චිගෙන් අහනවා මට ඇහුනා. කව්ද අම්මේ වලකජ්ජ ගහලා තියෙන්නේ, මම ඇහුවා. අහවල් අංකල්ගේ නෝනාගේ තාත්තලු, අම්මා ගත් කටටම කිව්වා. ඒ කියන්නේ හෙට හවස මළ ගෙදර යන නිසා මට බුල !!! මම පස්වනක් මෙව්වා එකෙන් පිනා ගියේ කොහේහරි යන්ඩ හම්බෙන නිසාය. මට change එකක් ලබා දීම සම්බන්ධව මැරුන සීයාට පිං. ඔන්න හෙට හවසට එළි උනා, අපි මළ ගෙදර පේන තෙක්මානයට ආවා කියමුකෝ. වාහනෙත් පොල් වැටෙන්නේ නැති ගහක් යටට දාලා මළ ගෙදරට ගොඩ වැදුණා.
දොර ලඟ හිටපු ඇන්ටීට ආයිබෝවන් කියලා එහෙම ඉතින් මිනිය තියල තිබ්බ තැනට ගියා. ගිහිල්ලා ටික වෙලවක් ඉස්සරහට අත් දෙක බැඳගෙන මිනිය දිහා බලන් ඉඳලා අප්පච්චී කරපු විදිහටම අවසන් ගෞරව දක්වලා ඉතින් අපි එලියට ආවා. එතකොටම නෑදෑයො කස්ටියක්ද කොහෙද ආවා. එතකොටම මළ ගෙදර අර හුරු පුරුදු අඬන වැලපෙන සද්දේ ඇහෙන්ඩ ගත්තා. හැබැයි පොඩි අව්ලක් තියනව කියලා එලියෙ හිටපු ටියුබ් ලයිට් නැති ඔක්කොටම තෙරෙන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. "බලන්ඩ මල්ලියේ මාමා පෙට්ටියේ ඉන්න ලස්සන....... අනේ උඹේ මාමා එදා එලියට ගියේ අලුත් වාහනයක් ගන්න බැංකුවෙන් ලස්ස 90ක් අරන් එන්න ... අපෝයි උන විනාසේ.... මම එත් කිව්වා මේ තියන ජීප් එකයි වෑන් එකයි අපිට ඇති කියලා.කොහෙද ඇහුවෙම නෑනේ......... (ඉකිගහන සද්දේ අපිටත් ඇහෙනවා) බලන්ඩ මල්ලියේ මාමා ඉන්න අපූරුව, පෙට්ටිය හොඳද කියන්ඩ මල්ලියේ, පෙට්ටියටයි එම්බාම් එකටයි ලස්ස එකාමාර පැන්නා. අලුත්ම සූට් එකක් ඇන්දුවා, එයගෙ පතේ පිලිප් එකත් අතේ බැන්දා මල්ලියේ, අපි මාමාව කනත්තට බෙන්ස් කාර් එකක එක්ක යමු මල්ලියේ, එයා සල්ලි ගේන්න ගියෙ බෙන්ස් එකක් ගන්ඩයි.... අපෙ අප්පො, මම මෙවා වාවන්නේ කොහොමද මල්ලියේ.......ඇයි කතා නැත්තේ මල්ලියේ......" තව තව සිද්දි පම්පොරි කිය කිය අඩනවා. ටිකකින් ටිකක් සද්දෙට පිරිමි කටහඩක් ඇහුනා ගේ ඇතුලෙන්. "එහෙම කොහොමද, අවසාන කැමැත්තේ තිබ්බා කියල උරුමෙ ගන්ඩ බෑ, අවුරුදු පහලවක් භුක්ති වින්දේ මම, අක්කේ මාත් එක්ක සෙල්ලම් කරලා මම නරක මිහිහ කියන්න එපා" හප්පා........ එලියෙ හට් වල හිටපු දුර නෑයෝ, අසල්වාසීන්, අපි වගේ හිත මිත්‍රාදීන් ඔක්කොමලා වගෙ තක්බීරි වෙලා හිටියෙ මේ වෙනකොටත්. අපිත් බිස්කට් එකක් කාලා ඇපල් ජුස් වීදුරු වලට වග කියමින් හිටියෙ. (ඒකත් සුපුරි ඈ ), හා දැන් ඉතින් අප්පච්චී යන්ඩ ඉක්මන් කරනවා කියලා මූණ බලපුහාම කියන්ඩ පුලුවන්. උගුරට දෙකට බීම එක බීලා අම්මයි අප්පච්චී යනවා කියන්ඩ අප්පච්චීගේ යාලුවා හම්බෙන්ඩ ගියා, මාත් පස්සෙන් ගියා. ඒ අංකල් ලැජ්ජාවෙන් රෝස පාට වෙලා වගේ. අපි යන්නං කිව්වහම ඒ අංකල් "හරි මචං ආවට බොහොම ස්තූතී, 11රෑ බණ, 12 දානේ, පුලුවන්නම් සහභාගී වෙන්න කියලා අප්පච්චීට කියනවා ඇහුනා. නිමාඩු තියෙයිද දන්නෑ, බලමුකෝ කිව්ව අප්පච්චී ආපහු ගෙදර ඇවිත් දොර අරින ගමන් කිව්ව වචන දෙක මට තාම මතකයි.....
"අන්න මළගෙවල්"