මම ගමන් යාමට අකමැතිය .නෑ නෑ ! ඔබ තේරුම් ගත්තේ කොටසයි!මම ගමනාන්තයට කැමතිය !ගමනේ ආරම්භයටද කැමතිය.ගමන යෑමට අකමැතිය!
හේතුව ලංකාව ඝර්ම කලාපීය රට වලිනුත් හොඳම ඝර්ම කලාපයක් වීමයි.විස්තර කරන්නත් ඕනෑද?
පයින් නොයා ඩක්කුවේ යන්නට නම් ඩ්‍රැය්වර් මහතා ඕනෑය .අපිට ඩ්‍රැය්වර්ලා කඩෙන් මිල දී ගන්නට සල්ලි නැති නිසා ඩ්‍රැය්වර් අප්පච්චිය.ගමන් යාමට හැර වෙන ඕනෑම දෙයකට ඩක්කුව එලවීමට අප්පච්චි කටයුතු කරයි!ඉතින් ටවුමේ කරක් ගැසීමට උවමනා වූ විට පයින් බඩගෑමට සිඩුවීම නොවලැක්විය හැකිය.
ගමන් අතරිනුත් එපාම කරපු ගමන weddings වල යෑමයි!හේතු??හේතු නම් කෝටියකුත් තව එකක් දක්වා සිටිය හැක.
ඒ උනාට 4ක් කියන්නම් ,හරි ? ;)
1.මං wedding එක්කට යනවා කියන්නේ මෙක අනිවාරයයෙන්ම නෑදෑයෙකුගේ විය යුතුය.(නෑදෑයෝ කියන ජාතිය ගැන A/L results බලපොරොත්තුවෙන් ඉන්න ළමයෙකුට තිබෙන අදහස් සදාචාරත්මක හේතු මත මෙහි සඳහන් නොකරමි!)
2. සිඟිරි බිඟිරි ඇඳුම් දවටාගෙන සිටිය යුතුය!(කටු අනිනවා වැනි අනභිභවනීය සැප පහසුවක් සහිත රෙදි වලින් පමණක් ගැහනු ළමුන් සඳහා වූ උත්සව ඇඳුම් නිර්මාණය කිරීම මේ රටෙ නීතියක් දැයි නොදනිමි :( )
3.අම්ම අරන් දුන් හීල්ස් දැමිය යුතුය!!! :S
ගහැණු ළමුන්ට මෙය විස්තර කල යුතු නැත.පිරිමි පක්ශයේ කවුරු හෝ තවම අත් විඳ නැත්තම් අම්මාගේ හෝ අඬන්නේ ගහන්නේ නැති අක්කෙකුගේ සපත්තුවක් දාල බැලිය හැක!(නංගීලාගේ හීල්ස් දැමීම අනුවණයි!නංගිලා අඬා දොඬා අම්මලාට ඉතිරි වැඩ ටික භාර දෙනු ඇත!පස්සෙ නොකීව යැයි නොකියන්න! ;))ඉතින් ඔබ හීල් එක දැම්මාට වඩා වෙනස් හැඟීමක් මට අති වෙන්නේ යැයි සිතන්නේද?
4.ඊලඟට වැදගත් හේතුව නම් මට කරන්ඩ මෙලෝම වැඩක් නැති වීමයි .මගේ අම්ම සියලුම නොදන්න නෑදෑයින් සමඟ දන්නවා වාගේ සිනාසී කතා කරයි.මගේ පියා සියලුම දන්නා නෑයින් සමඟ එක්වී සිනාසෙයි.මම පුඩිමක් වගෙ ඔහෙ ඉඳගෙන ඉඳිමි!එක එක ජාතියේ නෑයෝ හා නෑයෝ in law පැමින මා අසල හිඳ ගනී.තම තමන් අතර කිසිම පලක් නැති වැද...ගත් ඕපාදූප රැසක් කියා පිටව යයි!මම සිටිමි ඉඳගෙන සිටිමි. බල සිටිමි.එපමණකි!
මගේ සහොදරයාටද මට වන සංතෑසියම සිදුවේ.අය්ය නම් එපාම වුනාම game ගහයි. මට phone එකක් නැත . ඉතින් එ option එකත් මට නැත ! :( ඉතින් මන් මේ දැන් දමාපු වටලප්පමක් වගේ ඉන්දගෙන ඉඳිමි!!! :(
පොඩි පොඩි ළමයි බොහෝ විට මං අහිංසක, ආදරණීය, එයාලව හුරතල් කරන ජාතියේ අක්ක කෙනෙකු බව ක්ෂණික තීරණයන් ගනිති.(සත්ය තත්වය දන්නො දනිති )මේ වැරදි නිර්ණය නිසා බොහො විට අවසානයෙ පාඩු සිදු වන්නෙ මටයි! :(
මේ එවන් අර්ධ වශයෙන් ස්වතත්න්ත්‍ර සත්ය කතාවකි ! ;)
මඟුල් ගෙදරට අපි ලඟා වීමු.මෙය එළිමහන් wedding එකකි.අලුත් පන්නයට රාත්‍රියේ කලුවරේ තියපු එකකි .කලුවරේ කිව්වාට පාට පාට bulb වැල් බෙල්ලේ පටලෙන තරම් පාතින් එල්ල තිබුනි !ඉතින් විය යුතු ලෙසටම මම ගහක් යට පුටුවක් තමා ඉඳ ගත්තෙමි.පුටුව balance නැත .පුටවට මගෙ සැඟවුම් මැදිරිය බිඳ දමන්නට ඉඩ නොදී මම circus පාරක් දම balance කර ඉඳ ගත්තෙමි!කාටවත් නොපෙනෙන නොහැඟෙනා සේ ඉඳ ගෙන ලෝකයා දෙස බලා සිටිමි!( මෙහි ලෝකයා යනු ඒක වචන නාම පදයක් නොව බහු වචන එකකි !!) ටික වේලාවක් සුව පහසුවෙන් තනියෙන් සිටීමේ සුවය වින්ඳෙමි.කිසිම වැඩිහිටියෙක් මාව දුටුවේ නැත.ඒත් පොඩි උන් ලොකු අය මෙන් නොවන බව ටිකකින්ම මට තෙරුම් යන්නට විය.
ඔවුන්ට සැතපුම් ගනනක සිට වුව තම ගොදුරේ සුවඳ දැනේ !! ^^^ සැඟවීමෙන් පලක් නැත!ඔවුන් අනිවාර්යයෙන් ඔබ සොය ගනු ඇත!
මඟුල් ගෙදර සැරසිලි විනාස කරමින් ගලවා ගත් හුලං යමින් පවතින බලුම් බෝලයක් අයුදයක් ලෙස ගෙන කණ්ඩායමක් වශයෙන් ඔවුන් මා ආක්‍රමණය කරන ලදි.උපක්‍රමශීලී ලෙස මගේ ඉදිරියේ බැලුම් බෝලය උඩ දමමින් මගේ අවධානය ඒ දෙසට යොමු කරවා ආත්මාරක්ශාව ගෙන මගෙ තිබූ කල්පනාව බිඳ දමන ලදී.මං මෝඩයෙක් මෙන් උඩ යන රෝස පාට බැලුම් බෝලයට මෝහනය වී සිටියෙමි!
ආක්‍රමනිකයන් සෙමින් සෙමින් මට නොදනෙන්නට බැලුම මා ආසන්නයටම තල්ලු කරන්නට විය.දැන් එය හරියටම මගේ මූණ ඉස්සරහ හරියේ වගේය!රෝස පාට බැලුම !දැන් මටත් එයට පාරක් ගැසිය හැක!මගේ දෑස් දිලිසෙයි. එය ඉතා අසන්නයේය .මා වෙතම පැමිනෙයි!!තව ටිකයි!!!
ම්ම්ම්...........
.රෝස පාට බැලුමට අමතරව ඊට පිටුපසින් පෙනෙන මේ කලු පාට දෙය කුමක්ද?!එයත් මට බැලුමේ වේගයෙන්ම ලං වෙන්නේ ඇයි?!! හදිස්සියේම මට සිහි එළඹිනි!
ආක්‍රමණිකයෙක්!!!දෙවියනේ මේ මා ඩෙසටම දුවගෙන එන්නෙ අති ඹ්හයනක, දුෂ්ට ආක්‍රමනික පොඩි එකෙක් නොවේද!!! :Oඔහු බැලුම පිටුපස ඒ වේගෙන්ම දිව ඒ . නැවතීමට කිසිම අදහසක් ඇති බවක් නොපෙනේ.මගේ කුඩා මොළයට සිද්ධ වන්නට යන දේ වහා වැටහිනි!
අවිඥ්ඥානිකව මොලයෙන් ලැබුනු පණිවිඩයකට අනුව මං වහාම පුටුවෙන් නැගිට එහාට වුනෙමි.
මෙතෙක් වේලා slow motion මාවෙත පැමිනෙමින් තිබූ බැලුනය fast forward විය!ආක්‍රමනිකයාපුටුව උඩටත් ,පුටුව ආක්‍රමණිකය උඩටත් වශයෙන් වැටී දෙදෙනාම මිහි මව සිප ගති!
මා ගැලවුනෙමි!!!! මම සිතීමි!( ආආආආආආ ...පොඩි එකා පව්?? පොඩි එවුන් නිසා මට සිදු වී ඇති අකරතැබ්බ ඔබට සිදු වී නැතුවා විය යුතුය.)
නමුත් අහෝ !! මා කිසිදා යමක් ගැන මෙතරම් වැරදියට තේරුම් ගෙන නැතුවා විය යුතුය! ඒ වන විටත් ම කෙලින්ම ඔවුන්ගේ උගුලටම ඇවිද ගොස් හමාරය
පොලොව
සිපගෙන සිටි කුමරයා මා දෙස බැලීය.ඔහුගේ අලුත් සූට් එකත් මූනෙ එක් පැත්තකත් පවුඩර් දැම්මා වගේය! දූවිලි ,වැලි, mix වී බදාමක් සේ ඇලවී ඇත.ඊලඟටඔහු නැගිටී වි යැයි
මම බලපොරොත්තු උනද ඔහු ඊට වඩ දුර කල්පනා කර ඉන්න විදියටම වැටී siren එක නාද කරන ලදී!!
මෙපමණ
වේලාවක් invisible වී සිටි
මට
ස්පොට්ලයිට් එක
පාස්
විය!
:S මුලු
මඟුල්
ගෙදරම
දැන්
මා
දෙස
බලගෙනය
!හපෝයි!!මම ඉක්මනින් කල්පනා
කලෙමි.
ආක්රමණිකයා වටා අතක් යැවීමි .හදවත ගිඩි ගිඩි ගා ගැහෙයි !මඟුල් ගෙදරම වැඩිහිටියො මගේ විනිසුරුවන් වී හමාරය.කිසි දෙයක් වරද්දන්නට බැරිය!
"අනේ, පැටියො , වැටුනද?" මම ඔහුව අහුලා ගතිමි.වලිත් පිස දමා සූට් එකත් හැදුවෙමි!අර කෙහෙල්මල් රෝස පාට බලුම ගහේ පැටලී ඇත.එයත් අතට දුනිමි!
ආක්රමණිකයා වටා අතක් යැවීමි .හදවත ගිඩි ගිඩි ගා ගැහෙයි !මඟුල් ගෙදරම වැඩිහිටියො මගේ විනිසුරුවන් වී හමාරය.කිසි දෙයක් වරද්දන්නට බැරිය!
"අනේ, පැටියො , වැටුනද?" මම ඔහුව අහුලා ගතිමි.වලිත් පිස දමා සූට් එකත් හැදුවෙමි!අර කෙහෙල්මල් රෝස පාට බලුම ගහේ පැටලී ඇත.එයත් අතට දුනිමි!
සෑහෙන දුරට
සියල්ල
නිවැරදිව සිදු
විය.judges
ල
බොහෝ දෙනෙක්
මට
හොඳ
ලකුනු
දම
අහක
බල
ගත්හ.ටිකක් බරපතල කාන්තා
judges ලා
දෙතුන්
දෙනෙක්
ලඟටම
පැමිණ ආක්‍රමණිකයා සනසන්නට විය.මාද ඉතාම ව්යාජ
ලෙස
හදවතින්ම"අඬන්න
එපා
පැටියෝ
"" යයි
කීවෙමි!
නමුත් මා පමා උනා වැඩිය .
කොහෙදෝ සිට දාරක ප්‍රේමයෙන් නෑවුන ආක්‍රමණිකයාගේ මෑණියෝ ඉගිල්ලෙනවා වැනි වේගයකින් එතැනට පැමිණියාය.ඇය ඔහුව වඩා ගත්ටාය .සීප ගත්තාය.සනසවා බිමින් තැබුවාය.
නඩුව අසන්නට ළමයාගේ ප්‍රමාණයට නැවී ඉඳ ගත්තාය .!
සොරගේ මව දැන් නඩු තීන්දුව දෙන බව මට ප්‍රත්යක්ෂය.
කමක් නැත!
මමත් මේ වන විට හොඳ ලකුණු සාහෙන ප්‍රමණයක් දමාගෙන සිටියෙමි.සො මාත් පපුව ඉස්සරට දාගෙන වීරයා වගේ හිටගෙන සිටියෙමි.
මන් මේ ජඩ ආක්‍රමණිකයන්ගේ ප්ලෑන තනිවම පරාජය කර සිටියෙමි!!
"මොකද පුතේ උනේ?"
දැන් ඉතින් සත්ය වසන් කිරීමට ඔහුට නොහැකිය!සාක්ශිකරුවන් මගෙ පැත්තේය!මම සිතීමි.
මට වැරදුනෙ එතනයි!!!!
අම්ම්ලා සම්බන්ධ කිසි අවස්තාවක logic වැඩ නොකරයි!!
ඔහු පිලිතුරු දෙයි.
"අක්ක තල්ලු කරා!"
:@ *?!!\&$? *
අය්යා එහා පැත්තේ සිට සිනා සෙනු මට පෙනේ!
සැ.යු:පොඩි උන් මට හින්ස කලද අවන්කවම ම'න් පොඩි උන්ට හිංසා කර නැත්තෙමි!නමුත් එක් දෙයක් සක්සුදක් සේ දනිමි!පොඩි ළමයි යනු භයානක සත්ත්ව කොට්ඨශයකි!!!
