Saturday, January 11, 2014


සංක්‍රාණ්ති සමය! ; )



                             
    
ජීවිත කාලයක්  ගියත් හිඳෙන් නැති දේ දෙකක් තියෙනව කියල මම අහල තියෙනව .
පළවෙනි දේ අම්ම්ගෙ ආදරේ,
දෙවැන්න අපේ එහා වත්තෙ ලිඳ !! : )
( මං දන්න කාලෙක ඉඳන් වතුර කැපුවාම හරි වතුර නැතුවාම හරි කාර් , වෑන් , බ්ස් , ලොරි ඇවිත්  වතුර පුරවන් යනව.! හරි කොලොප්පම කියන්නෙ , එක සැරයක් පෑවිල්ලට වතුර හොයාගෙන ආපු කර් එකක් අපේ ගෙදර ලිඳෙන් වතුර පුරෝගෙන අප්පච්චිට සල්ලි කොලයක් දික් කලානෙ ! අප්පච්චිට හරි හිනා!!!අප්පච්චි කර් එකට කිව්ව වතුර වලට සල්ලි ගන්නෙ නැති බව. කාර් එක හින වෙලා සල්ලි වෙනුවට පින් දීල ගියා !
කතාව ට්‍රැක් එක පැන්නද මන්ද?මන් ලියන්ඩ අවෙ  ලි
ඳෙ කතාව නෙවෙ, අම්මගේ ආදරෙ සම්බන්ද එකක් ! සම්බන්ඳයි කිව්වට සම්බන්ඳම නෑ හරිද :)
දැන් ඉතින් මේක කියවල මං කිසිම අණක් ගුණක් නැති ළමයෙක් ගානට දාල කට්ටිය දොස් කියන්ඩත් ඉඩ තියෙනව . ඒකමයි මේක ලියම්දෝ නොලියම්දෝ කියල වැනි වැනී හිටියෙ !( කට්ටිය හිතුවෙ මං වෙන හෙතුවක් නිසා වැනෙනව  කියල !මං කිව්ව මං බිව්වෙ නෑ කියල!!! කොයි අහුවද? :P :) ) එව්ව මෙව්ව කොහොම උනත් කියන්ඩ තියෙන දේවල් නොකියා ඉන්ඩ මට නං අමාරුයි.හංගාගෙන දුක් විඳින්නෙ මොකටද?මං ලිව්ව දේ වැරද්දක් මට පෙවුනෙ නෑ!( ඕගොල්ලන්ට පේනව නම් කිව්වට කමක් නෑ හොඳ ද? :) )

 ආදරයයි අවධාන්යයි කියන්නෙ කාරණා දෙකක්ලු නේ ! ඔයල ඕක කලින් ඉඳම්ම දැනන් හිටියට මගේ පුංචි මොළේට ඒක තේරුනේ මේ ලඟදි දවසක කල්පනා කරගෙන යනකොට තමයි .අවධානෙට සමහරු කැමති උනාට මට නම් අවධානෙ වැඩි  වුන වෙලාවට දෙප වලින් මැන්ඩලීන් වාදනය වගේ සැඟවුන  දක්ෂතා එලි දැක්වෙනව :( :S අවදානෙ ගැන විශේෂයෙන් හැඳින්නුවෙ කතව ඒ ගැන නිසාමයි !

මේ කතාව කැම්පස් ගිය , රස්සාවට ගිය , අය්යලා අක්කලා ඉන්න අයට පොදු කතාවක්! ආ ! තව මංගල්‍ය කටයුතු සිද් ද වෙච්ච අය්යල අක්කලා හෙහි නංගිල මල්ලිලාටත් පොදුයි !

ලංකවේ පෞරාණික සිරිතට අනුව පුංචි පවුල රත්තරන් උන දා පටන් ( නෑ ! නෑ ! ආණ්ඩුවට පැනපු කෙන්නා ගැන නෙවේ කිව්වෙ ;) ) පවුලක ඉන්නෙ ළමයයි ,දෙන්නයි, තුන් දෙනයි! ඉතින් එක එක්කෙනා කර දඬු දික් වෙල කැම්පස් ,රස්සාවල් හොයාගෙන යනකොට ඉතිරි වෙන ළමයට දෙන්නට අව්ධානය සාන්ද්‍රනය වෙනව! ( ඉගෙන ගත්තු දේ ප්‍රයොජනයක් තියෙන්ඩත් එපැයි ඒකයි වචනෙ තක්කෙටම දාල කිව්වෙ ;))
ඉතින් වෙනද හිතෙන වෙලාවට  හිතෙන ආකරයේ කුපාඩි වැඩක් කරල අවධනයට ලක් නොවී සැනසිල්ලේ හිටපු අපි වගේ ආදරශමත් ළමයින්ට මේක හරිම සංක්‍රාන්ති කාලයක්!!! 

අයිය ඉස්සෙල්ලම කැම්පස් යනකොට මාත් විභාගෙ කරලයි හිටියෙ .ඉස්කෝලෙ කාලෙ "චූටි දුව"වෙලා හිටිය ආමණ්ත්‍රනය results ඇවිල්ල ප්‍රතිඵලේ වගේම නිකම්ම "චූටි " වෙලයි තිබුනෙ.අය්ය ගියත් හරි "චූටි මැණිකෙ "
විදියට උසස්වීමක් ලැබිල මං අන්දුන් කුන්දුන් වෙල හිටියෙ !! o.O 


ඔන්න අය්ය ගිහින් පළවෙනි දවස > 

විභාගෙත් ඉවර නිසා ආයෙ විභාගෙ කරන්ඩ කල්පනාවක් නැතුව මං පස්ස උඩ දාගෙන නිදාගෙන හිටියෙ!අනන්තලන්ත පාඨකයො දැනටමත් දන්න පරිදි අපේ අම්ම කලින් සැලසුම් කරපු කූඨ උපායකට අනුව 4 ට 4.30ට කිරි හදන්න පටන් අරන් තිබ්බෙ.අයියා ඉන්නකොට නම් තේ සීතල වීම ගැන කෑ ගහන්නේ එයාටයි ! අවංකවම නම් ගෙදර අනික් අයට ඇහැරෙන්නේ එයට කෑගහන්කොටයි. ඉතින් මං ඒ එලාම්  එක ඇහෙන කන්  නැගිටල හිටියත් ඇඳෙන් බහින් නැතුව ඉන්නෙ නැකතටම  බහින්ඩයි :) !!4.30ට විතර රේඩියෝ එකේ මහා මංගල සූත්‍රෙන්  රතන සූත්‍රෙට  මාරු වෙනව .
දැන් 4.30 යි !
" චූටි මැණිකේ ....  " o.O
මං උඩ ගිය! මේ මොන සංගදියක්ද ?!!!
ජීවිතේ වටිනාම පාඩම අත්දැකීම්ලු නෙ.මගේ අත්දැකීම් අනුව නම් උඩේ පාන්දර මාව ආමණ්ත්‍රනය කරන්නෙ නරසීහ ගාථා කියන්ඩ වෙන්ඩ බෑනෙ !:( ( ළමයගෙ හැටියට ගැලපෙන් නෑනෙ  )
නැගිට්ට ගමන් කරපු වැරැද්දක් කල්පන වෙන්නෙත් නෑ .මොළේ format වෙලා වගේ!කොඉකටත් පාරක්කු කර කර ඉන් නැතුව අපායට යන්ඩ හරි මම ඉක්මන්ට ගියා 

වෙනදට වඩ වැඩි වෙලවක් මූණ හෝද හෝද කල්පන කර මොකද්ද කරපු වැරැද්ද කියල.එළියට ආවා.
ම්ම්ම්හුම් !...
තාම කිසි සද්දයක් නෑ!
සද්දෙ දාගෙන එන කුණාටු වගේ නෙවෙයි, සද්දයක් නැතුව ඉඳල එන්නෙ සුනාමි!
මාව මෑනියන්ගේ දර්ශන පතේට ක්ෂනිකව අහු වුනා.
 "මේ තේ එක බොන්ඩ සීතල වෙන්ඩ කලින් ! " o.O
ආං එහෙමම් කියල ආපහු හැරිල උයන්ඩ ගත්ත.ඒ වෙනකොටත් මේ වීගන යන විපරියාසෙ යාන්තමට තේරිලා තිබුනත් දැන් තම හරියටම හිතට වැදුනෙ !
 මං තමයි දැන් රජ්ජුරුවො!! ;)
 ලාවට සතුටක් එක්ක හිනාවකුත් අවා. තේ එක බීල  කෝප්පෙ එහෙම්මම තියල දත් මදින්ඩ ගිය !
( දැන් ඒ කූඹින්ට   මාරන්තික පුරුද්ද නති බව W.L. අනන්ත පැන්ච වන මම සතුටින්  දන්වා සිටිමි !
                  

               මගේ අත්සන                 සා.වි.අත්සන

              
                                                     නිල මුද්‍රාව

  මුලින් එහෙම හිතුනට පස්සෙ තෙරුනේ රජ වෙන එක මොන වදයක්ද කියල . හැමදේම අතට පයට තිබ්බට එහා ගෙදරින් උගුරැස්ස ගෙඩියක් හොරෙන් කඩා ගන්ඩවත් , ඉර මාමා පස්සට ඊතලයකින් විදිනකන් නිදා ගන්නවත් විදියක් නෑ!!
මේ වගේ භීෂණකාරී තත්වයක් යටතේ ඉන්නකොට අය්යලට නිවාඩු දුන්න !
 නිවාඩු හම්බෙල අයිය අවිත් පළවෙනි දවස >
වියයයුතු ලෙසටම මම උඩ දාගෙන නිදි !රතන සූත්‍රෙත් ඇහෙනව හීනෙන් වගේ . ඊට පස්සෙ තව තව ගාථා අහුන යාන්තමට .5.30ට යන ඡත්ත මනවක ගාථා ගයන නන්දා මාලිනියගේ මියුරු හඬ කනට අතුල් උනා .ඕක ඉවර උනාම පිරිත් ඉවරයි .එතකොට අම්ම ඇවිල්ල TV එක දානව බණ යන නිසා.උය උයා ඉන්න සිහිය නිසා අමතක වෙච්ච දේවල් මේ වෙලාවෙ අපිව දැක්කොත් සිහි වෙනව !!!            

      මං හිතුව ආකාරෙටම TV එකේ බණ අස්සෙන් ඇහෙනව ....
"චු...ටි  පුතා නැගිටිනවා...!, මේ තේ එක හදල කොයි වෙලවෙද ?!!" සියුම් සතුටක් ආයෙත් ඇති උණා . :)  6 වෙනකන් එදා මන් නිදා ගත්ත කිසිම අවධානමක් නැතුව !  නැගිටිනකොට තේ එක සී......තල වෙලා .උගුරක් දෙකක් බීල  > මේ ඕස්ට්‍රේලියාවේ දෙනුන්ගෙන් දොවාගත් කිරි වලින් හදපු තේ එක පණුවන්ට හෝ ආහාරයක් වේවා !! < කියල හිතල කාණුව දිගේ වක් කරා ! කිරි එක හැලුව බව අම්මට නොපෙනෙන්න වතුර ගොඩාක් කාණුවට හලල එතනත් වන්චාවක් කරා!
ඊට පස්සෙ දත්
දින්ඩ ගියා.    
            සති 2ක් ගියා . ඒ සති දෙක ඇතුලෙදි අවධාය ගැන මගේ චංචල හිතේ සිතුවිලි සතුටින් නොසතුටටත් , ඒකෙන් ඊර්ශ්‍යාවටත් කෙටි කාලයක් ඇතුලෙදි ශීග්‍රව වෙනස් වෙල යථා තත්වයට පත් උණා.
අය්ය අයෙත් බෝඩිමට ගියා
බෝඩිමට ගිහින් ඊලඟ දා උදේ 4.30 ට විතර >
" චූටි මැණිකේ......!!! "

සතුටු වෙන්ඩද ? දුක් වෙන්ඩද? ???!!!!!


කෝක කරන්ඩත් තේ එක ගන්ඩ මම
ඳෙන් බැස්ස .

මට නම් සණ්ක්‍රාන්ති සමය  ඔහොමයි  !
ඔයාලට කොහොමද දන් නෑ .