Wednesday, October 30, 2013

අප්පච්චි අවුරුද්ද පත්තර කොලේක ඔතල එකේ cantime ඉඳන් අරන් ඇවිත් තිබ්බ . පත්තර කොළ 2 ම පහු කරගෙන අවුරුද්දේ තෙල් බේරෙනවා. ටිකක වෙලා මෙසේ උඩ පාර්සලේ ඇරලා තිබ්බ. කාගෙවත් උනන්දුවක් නැති නිසාද කොහෙද උණ්ඩි කරලා මල්ල පිටින්ම කබඩ් එක අස්සේ ඔබල තියෙනවා අද උදේ මන් දැක්ක. කන්ඩ කියන්ඩ වත් කන්ඩ එපා කියන්ඩ වත් කව්රුත් නෑ .

පාර්සලේ ඇරලා මගේ අවුරුදු කොටහ අරන් දුම් දාන කහට කෝප්පයක් පෙරාන නොනගතේම පොත ඉස්සරහ පිට වාඩි උනා . හතර මුල්ලකට කොටු කරපු අත්තම්මල දෙන්නයි කිරිඅත්තල දෙන්නයි ද්විමාන ඡයරූපයක ඉඳන් ත්රිමාණ අපි දිහා බලන් ඉන්නවා. විද්යාව පොත උඩ තියන් මේ කුරුටුගා න එව්වත් පේනවද දන් නෑ ?

මුං කැවුමක් කනගමන් ලියවෙනවා.අවුරුද්දට හැමෝම කැමති කොකිස් කන්න . මන් නම් කැමති මුං කැවුම් !කොකිසුත් හොඳයි ! ඒත් එව්වා කෑලි කෑලි වලට කැඩිලා මගේ නුපුහුණු උඩු තල්ල හූරලා දානවා . මුන් කැවුම් නම් එහෙම නෑ .මෘදු විදියට දිය වෙලා යනවා.පැණි වලලුත් හොඳයි .අවුරුද්දෙම උපයපු ඒවා වියදම් කරලා කඩේකින් පැ නිවලල්ලක් අරන් කාගෙන කාගෙන යනකොට තෙලුයි පැණියි නිසා උගුරත් රිදෙනවා!එත් මොකද? පැණි වලලුනේ? එහෙම කියද්දී ගංගානාත් මහත්තයාගේ පොතත් මතක් වෙනවා . පැණි වළ ලු අසාව හොරකම් කර කියයිද දන් නෑ !

තලගුලි වලට අම්ම නම් කැමතියි .මගේ වැඩි පිරියක් නෑ .කබලේ බදිනකොට සුවඳ නම් ඉස්තරම් . එත් කනකොට මගේ පොල් දත් අස්සේ පුංචි තල ඇට හිර වෙනවා.!

ඔරලෝසුවේ කටු නොනවත්වාම කැරකෙනවා නේද?!අත්තම්මල නම් ඔරලුසුවට පස්ස හරවල ඉන්න නිසා කලේ ගෙවෙනවා දැනෙන් නෑ .ඔරලෝසුව මූණ ඉස්සරහටම තියෙන අපිට නම් දැනෙන එකම දේ එක තමයි . අවුරුද්ද ලබන්ද කලිනුයි ලබනකොටයි , ලැබුවට පස්සෙය් කියල වෙනසක් නැතුව කට්ට කැරකෙන්න ඕනේ උනත් ලිප ගිනි මොලවනකොට අම්ම වෙලාව බලන්ඩ කියන කොට නම් තප්පර කට්ට තාලෙට නලවල ටිකක් "ස්ලෝව්" කරලා යනවා කියලයි මටනම් හිතෙන්නේ!

රතින්නා සද්දේ දාගෙන අවුරුද්ද කැන්දන් එනකොට අපේ බල්ලත් නිර්භීත කම කැන්දන් පස්ස දොරෙන් ඇතුල් වෙනවා.කලින් අවුරුද්ද ඉවර වෙලා මේ අවුරුද් ද ලැබුවේ කොහොමෙන් කොහොමද කියල මට නම් නිච්චියට ම කියන්ඩ විස්තරයක් මතක නෑ .කොහොමත් අවුරුද්ද තියෙන්නේ පරණ දේවල් අමතක කරලා අලුත් වෙන්ඩලුනේ!.එහෙම බැලුවම මම අවුරුද්දට කලින් ඉඳන්ම අලුත් පිට නේ ඉඳල තියෙන්නේ!

පන්ති ඇරිලා එනකොට මහා සෙනගක් පර දිගේ සල් පිල් ගානේ අවුරුදු කනව .තම තමන්ගේ ආගමික මතිමතාන්තර කද පිටින් පැත්තක තියල රෙදි කඩ ගානේ රෙදි තෝරනවා!අපිට නම් රෙදි ගන්න හදිස්සියක් නෑ . උපන් දා ඉඳල ගෙදර එහෙම හදිස්සියක් තියෙනවා දැකලත් නෑ .එක්කෝ අවුරුදු කාලෙට බොහෝම කලින් හරි බොහොම පහු වෙලා හරි තමයි අපිට ඇඳුම් අවුරුද්ද ලබන් නේ!.දිරච්ච රෙදි ඔක්කොම අවුරුද්දට එලියට දානවා කියන මතේ පිහිටලා අපේ මෑණියන් වහන්දෑ ක්රියා කරන නිසයි  !

මට නම් හිතෙන්නේ අවුරුද්ද , දිරච්ච්ච නොදිරච්ච කියල බේදයක් නැතුව හැම රෙද්දකටම ලබන්ද ඕනේ කියලයි . රෙද්ද කිව්වට දැන් මට හිනා උනාට ඔය කව්රුත් තමන්ගේ කටු වලින් එලියට බැහැල බැලුවොත් පෙනේවි මන් කිව්වේ මොකද්ද කියල!

වැස්ස වලාහක දෙය්යෝ උනත් ජනතාව වැඩට යනකම්ම අව්වේ තම්බල තම්බල නිවාඩුවට ගෙදර එන්ඩ පටන්ගන්නකොටම වැඩ පටන් ගත්ත! දැන් කට්ටියම ගානට "blanch" වෙලා ඉන්නේ අව්රුද්ද එනකන්!

පළමුද අපෙ අම්ම අඩි 10ක් එහායින් තියෙන ඔපිසියේ ඉඳල හැනදෑවේ ගෙදර එනකොට අවුරුදු කන්න මාලයක් හොයාගෙන ආපු කෙනෙක්ට මුණ ගැහිලා තියෙනවා!කඩා ගන්ඩ මාලයක්වත් නැති මේ ඔපීසි නෝනා කව්ද කියලද කොහෙද මිනිහ යන්ඩ කලින් හැරිලත් බැලුවාලු!කෑ ගහුවට කව්රුත් අවේ නෑ කියල මෑණියෝ මාවත් වාසීන් සමග උරණ වෙලායි ගෙදර අවේ.කොහෙද?,ඒ වෙලේ අභීත දියනියන් රටක් රැකගන්න ගෙනියන අරගල ගැන තම සම්පූර්ණ අවදානය දීල තිබ්බ නිසා සමහර විට මාවත් වාසීන්ට හිතෙන්න ඇති රටවල් ගණන් අමාරුවේ වැටිලා තියෙන කාලේ ඕව මොනවද කියල, !හා නැද්ද?!!!

2 comments:

  1. නියමයි ඇමිගො ;)
    තව ලියන්න (Y)

    ReplyDelete
  2. "හතර මුල්ලකට කොටු කරපු අත්තම්මල දෙන්නයි කිරිඅත්තල දෙන්නයි ද්විමාන ඡයරූපයක ඉඳන් ත්රිමාණ අපි දිහා බලන් ඉන්නවා " තමයි මට නම් ලස්සනම වාක්‍ය.
    මට නම් ඉතින් අලුත් රෙදි කඩමාල්ලක් හම්බෙන්නේ අවුරුද්දකට තමයි, ඒක ඉතින් අවුරුදු 4ක් 5ක් පට්ට ගහනවා, අපිට ඉතින් හැමදාම අවරුදු නෑනේ.......

    ReplyDelete