Thursday, November 21, 2013

                                                                වීර කාව්ය... ;)          

                              
          අපේ ගෙදර උදේට කිරි තේ බොන ගෙදරකි.මේ වාක්යෙන් කීමට අදහස් කරේ නවසීලන්තයෙන් ගෙන්වන කිරි වලින් හැදූ කිරිපිටි හදිස්සියේම ලන්කවෙ කිරි දෙනුන්ට මාරු වීම අපේ දිහවෙ බලපැමක් ඇති නොකල බවයි!
පාසල් ගමන නැවතුන දින සිට මෑණියන්ට මාව පන්දර 4ට අවදි කිරීමට හෙතුවක් නැතිව ගියේය.අපෙ අම්මා එහෙම ලේසියෙන් අතාරින ජාතියේත් නොවේය!
කූඨ ලෙස සැලසුම් කරන්ලද සූක්ෂම උපායකට අනුව ඇය දැන් පාන්දර 4ට තේ එක සාදයි.බලාපොරොත්තු විය යුතු ලෙසම 4 පසු වී එලබෙන ඊලග තත්පරයේදි දුම් දන තේ කෝප්පය ඉතාආආආආආආ ම සීතල වන බැවින් , ( ;) ) තේ එක හදපු හැටියේම අවදි විය යුතුය.!!!
( උදේම ඇතිවිය හැකි කුඩ ප්‍රමාණයෙ පිගන් විසි කිරීමෙ සන්දර්ශනයක් නැවත්වීමට මෙය ඉතා වැදගත් පියවරකි!! ;) )

තේ සීතල වීම ගැන අම්මලාට ඇති කැක්කුම ගැන මන් අමුතුවෙන් කියන්ඩත් ඔනෑද?!!!

(Physics කරපු විද්වතෙක්ට උක්ත වාක්යකින් කිසි යම් හෝ කැසීමක් ඇති වී නම් ලියමි;මෙව්වා අම්ම්ලාගෙ Theory ය !Physics තියා සක්කරයාටවත් අත දන්ඩ බැරි වීම ගැන මගෙ බලවත් සෝකය :) !!! )


ඉතින් 4 ට නැගිට උණු උණුවේ ලබ ගන්නා තේ කෝප්පය 5.30 වෙනකම් සීතල කර කර බීම මගෙ සිරිතයි.!
ඉස්කෝලෙ යනකාලෙ වගේද?
දැන් මොන හදිස්සියක්ද?! :)
ඉතින් සමහර දාට ජතික නලිකාවෙ විජය අමෙරිකාවට බැනල ඉවර වෙනකලුත් මන් තේ කොප්පය සූප්පු කරමින් ඔහෙ පතබෑ වී සිටිමි ! ;) 

(අහා!!! මගේ ක්‍රියශීලි බව ගැන හිනාවෙනවාද?!  ;)  :)  )

හරි ඉතින් මේ තේ කෝප්පයම බී අවසන් වන විට දත් මැදීමේ දැඩි අවශ්යතාවක් අතිවේ .(ඔව් !! මන් තේ බිව්වාට පසු දත් මදින ජාතියේ හඩ්ඩෙකි ! ;) ඔබ නිවරදිය !)
ඉතින් තේ කෝප්පය එහෙම්මම තබ දත් මදින්නට යමි.මගේ  Theoryට අනුව දත් මැදීමට ගත වන කාලය දත් වල size එකට සමානුපාතිකය!ඉතින් මට දත් මැදීමට ගත වන කාලය දන්නො දනිති! ;)
දන් bathroom එකෙන් ෆුල් ෆ්‍රෙශ් පිට එළියට එන විට මූණ ඉස්සරහාම හෝදපු නැති කෝප්පය!!
හීමිජ්ජන් කූඹි බලකායක් විසින් එය ආක්‍රමණය කර ඇත .පේලියට හාපේලියෙන් පිට කුඩා ප්‍රමාණයේ  සවල් හා විල්බැරක්ක තල්ලු කරමින් උන් කෝප්පය දිගේ උඩට බඩගාමින් සිටිය බව මම අතින් දැමූ අතිශෝක්තියෙන්  යුතුව සපථ කර සිටිමි!!! ;)

TV එකේ බණත් ඇසේ.පානතිපාතා මට සිහිවේ.දන් ඉතින් මුන් අයින් කරන්නේ කොහොමද?දිනපතම මෙසේ කෝප්පය තබා යාම නිස සන්හාරයට ලක්වෙන කුඹි ගණන සැලකුවොත් යන්ඩ අපයක් හදන්ටත් යම පල්ලො අදි මදි කරනු ඇත!

අද වත් පවෙන් මිදෙන්නට සිතීමි .අත්දැකීම් බහුල පව්කාරයෙක් මම කොප්පය වටේට තට්ටුවක් දාගෙන ගියෙමි.කෝප්පය මොහොතකට porcelain සීනුවක් බවට පත් විය.කස්ටියට රිච්ටෙර් 9 ටත් ඉහල භූමි කම්පාවකි!!
වටේම අය දිවි ගලවා ගැනීමට සමතලා විවෘත භූමියක් වන මේසය මතට ගොඩ වෙන්නට විය.(දැන් මම මේ කතා කරන්නෙ කූඹි ප්‍රජාව ගැන බව ඔබ දනිතියි සිතමි! ;) )
ඇතුලට එබී බැලුවෙමි.
සැහ්!!පතුලේ දෙතුන් දෙනෙක් මිය ගොස් ය !:(
ඒ අතර එකෙක් එහෙමෙහෙ දුවමින් මර බියෙන් ඇලලී සිටී!පෑනක් දමා ඌව ගලවා ගනිමින් ගිනි නිවන හමුදාවේ චරිතයක් රග පැවෙමි!

"අනිත් අය ගැනනම් බ්ලාපොරොත්තු තියා ගන්ඩ අමාරුයි!"
එලියට ගත්තට පසුවත් පෑන බදාගෙන ඉන්න කූඹියාට මම කීවෙමි.



ඌ ඔලුව අත් 4කින් බදගෙන වැලපෙන්නට පටන් ගත් බව විශ්වාසයෙන්ම ප්‍රකාශ කල හැකි අතර ආවෙගයට අර ඔලුවේ තියෙන අන්ඩක් අදින්නට ගොස් එකක් කඩා ගත් බවඩ සත්යය!

ඉතින් මම මේ සිනමාත්මක වේදනාව  බල සිටින්නෙ කොහොමද?!!

ආයෙත් කෝප්පයට එබුනෙමි! යන්තමින් පණ අදින Cleopatra කූඹිච්චියක් කිරෙන් නෑවී සිටී!මගේ කුඩා මොලයට සිද්දිය වැටහුනෙ දැන්ය !!
ඇන්ගිල්ලක් දමා ගන්නට ගොස් මගේ අතින්ම මැරෙයිද? එහෙම උනොත් මන් අර තරුණ කූඹියට මොනව කියන්ඩද? :O

ඉතින් මම විය යුතු ලෙසම Mission Impossible රග දක්වමින් ( music ඇතුව ! ආයෙ music නැතුව වැඩක්ද?! : P ) බෝම්බ 4ක් හා වෙඩි වරුසාවක් මැදින් Cleopatra බේර ගැනීමට ඇන්ගිල්ලක් යැවීමි !මේ අභීත ඇන්ගිල්ලා  ජයග්‍රාහී ලෙස සීරුවෙන් Cleopatra ඔසවගෙන තරුන්ණ කුහුඹුවා ලගින් තැබීය!.


 
ඒ වෙලාවේ ඒ තරුණ කූඹියා හෙලපු ස්තුතිපූර්වක බැල්ම ඔබ දැක්කානම්ම්ම්ම්ම්ම්ම්!!! ;)
ඊයා මෙච්චර පල් හෑල්ලක් කියෙව්වෙ අන්තිමට කූඹියෙක්
කිරි කෝප්පෙන් එලියට ගත්ත හැටි දැනගන්ඩද  කියල හිතුන නේද?!!

 චී චී චී!!!  ජීවිත 2ක් බේර ගත්ත වීරකාව්යක් ගැන හිතන්නෙ ඔහොමද ? ;)  ලැජ්ජය් ආආආආ!
සැලකිය යුතුයි! 
උක්ත බ්ලොග් එක ලිවීමේදී කිසිම ජීවියෙකුට හනියක් සිදු නොවූ බව වගකීමෙන් දන්වා සිටිමි!!  :)

7 comments:

  1. උණුවෙන් බීලා practice වෙන්ඩ. අපායට ගිහාම ලෝ දිය කටට දාද්දී "ඉතින් මට ගානක්වත් නෑනේ" කියන්න, යමපල්ලා නෝන්ඩි. :පි

    ReplyDelete
    Replies
    1. ane santhosay me wage buddhimath yaluwo gana XD

      Delete
    2. සෑහෙන්ඩ දුර දක්නා නුවණ කියන්නේ ඔන්න ඕකයි ! ! !

      Delete
  2. " සැහ්!!පතුලේ දෙතුන් දෙනෙක් මිය ගොස් ය !:( "

    දත් මදින්නට පෙර තේ කෝප්පය සෙදුවා නම් මේ දෙතුන් දෙනාගේ ජීවිතත් බේරාගැනීමට තිබුනා නොවේද?

    ReplyDelete
  3. තේ එක සීතල වතුරෙන්ම හැදුවනම් හරි නේද?කොහොමත් ඉතින් කූල් කරලා බොන එකනේ..

    ReplyDelete
  4. අපේ කාලයේ කූඹි ආදර කතාවක් ;-) මේ ඔයා කූඹිච්චියක් කියලයි මට නම් හිතෙන්නෙ ඇමිගෝ :-P

    ReplyDelete