අනේ යන්ඩ එපා ඉන්ඩකෝ ....!!!!!!!!!!!!!!!!! ;)
කේක් හදන්ඩ ගන්න කොකෝ powder තියෙනව නේද?!!
අම්මේ එවයෙ සුවඳඳඳඳඳඳ........!!
මට නම් මරුණෑකි ඒව ගොඩක් උඩ!!
මේ වැස්ස කාලෙට ඉතාම රසවත් මිහිරි පුසුඹින් යුක්ත අදහස් ගලාගෙන ගලාගෙන එන්ඩ එ වගෙ උත්තේජනයක් ඉතාම වැදගත් !
ගෙදෙට්ට හොරු පැනලා පිස්තොලයක් මූණට දික් කරත් ඒකාට පස්ස හරවලා කුෂන් පුටුවේ වටිල නිදා ගන්ඩ පුලුවන් සහජ හැකියාවක් තියෙනකොට....වහිනවා කියන්නෙ ඉර පායන්න්නෙ නැති උදේකට කලින් රාත්‍රිය උදා වුනා වගේ තමා !;)
ඒ වගේ වෙලාවකට මව්තුමීගෙ දර්ශ්න පතේට එහෙම අහුවුනොත් දර්ශනීය ලෙස ගුටියක් කා අවදි වී කරන්නට වැඩක් හොයා බැලීම මගේ දින චර්යාවයි.
(දැන් මේ අවස්තාවේ එහෙම දෙයක් උනා කියල මම කිව්වද? හරි ඉතින් නෑ කිව්වෙත් නෑ තමා!! ;) )
මේ කතාව Coco powder වලට කිසිම සම්බන්දයක් නෑ කියල කියන්ඩ ඕනෙ මුලින්ම.
මේක ඇවිල්ල අපේ ගෙදර වත්තටම ඇවිල්ලත් හරි හමන් විදියට පිලිගන්ඩ බැරි වෙච්ච අමුත්තෙක් ගැන කතාවක්
වෙන්ඩ ඔනෙ විදියටම එදා වැහි දවසක්.වෙලාව එක්කො 6.30 යි, නැත්තම්
ඔරලෝසුවෙ කට්ට අයෙත් හිටල!අම්ම වැඩ ඇරිල ආවා විතරයි.තෙමිච්ච හින්ද නාන්ඩ ගිය bathroom එකට
ආන්න එ bathroom එක මේ කතාවෙ ප්‍රධාන චරිතයක් රඟපාන් හින්ද චුට්ටි විස්තරයක් දෙන්නම් .මේ bathroom එක ඉස්සර තිබ්බෙ කෑම කාමරයක් හැටියට . පස්සෙ මොඩ් වෙලා දිගට තිබ්බ ජනෙල් කොට කරලා මල් වීදුරු දාලා එහෙම ඉන්නෙ .කෑලි 3ට තමා ඇඳල තියෙන්නෙ ( plan එකේ ) ජනෙල් තියෙන්නෙ එක කෑල්ලකට විතරයි .Wash basinඑකයි වතුර මලයී ඉතිරි කෑලි 2කේ බිත්ති වලින් වැහිලයි තියෙන්නේ ; ජනෙල් නැතුව ! තෙරුනානෙ සිද්දිය!?! ප්ලෑන ම තේරෙන්ඩ ඔනෙ නෙ, නාන කෑල්ලට ජනෙල් නෑ කියල තේරුණාම ඇති! :);)දැන් ඉතින් මන් හිතනව ජනෙල් තියෙන්නෙ මොන කෑල්ලෙද කියල තෙරුනා කියල!තේරුන් නැත්තම් ටිකක් හිතල බලන්ඩ washroom එක්ක වෙන මොනද තියෙන්නෙ කියල :)
දැන්.... අපේ අම්ම නාන්ඩ යනකොට අහල පහල ගෙවල් දෙක තුනකට ලාවට දැනගන්ඩ පුලුවන් ( මේ පැත්තෙ තොරතුරු දැන ගැනීමෙ අයිතිය ආරක්ස වෙලා තියෙනවනෙ තාම ;) ) මොකද, හෝදලා වනපු නැති රෙදි එහෙම දකිනකොට අපෙ අම්මගෙ ශීර්ෂපති මණ්ඩපයම ගිණි ගන්න්නව!! ඒකට මම කිසිම වගකීමක් භාරගන් නැති බව මේ අවස්ථාවේදි ප්‍රකාස කරන්ඩ ඔනෙ!අනික මේ හොදල මිරිකල ඔක්කොම කරට පස්සේ ඔය රෙදි වලට ටිකක් තනියම හිතල වේලෙන්ඩ බැයිද ඔච්චරම!! :@
එදත් දිරිය දියණියගෙ සද් දෙට ඉහලින් කත කරල වටෙ පිටේ අයට දැන්නුව කාගෙ කාගෙත් රෙදි වනාගත්තොත් අපල කාලයක් දුරු කර ගන්ඩ පුලුවන් කියලා.
ඉතින් මමත් අපල කාලෙට පිළියම් යොදල දිරිය දියණියයි මූණු පොතයි අතරෙ දෝලනය වෙවී හිටියෙ.
ඔන්න එතකොටම මට ඇහුණ අප්පච්චි අහනව " කව්ද...?" කියල .මං ඉතින් cow නෙවෙනෙ කියල හිතාගෙන ලවක් දෙවක් නැතුව type කර කර හිටියා.
ටික්කින් ඇහෙනව ආයෙත්
" කව්ද ඔය....?!!"
තත්පර ගානක චින්තපර නිහැඪියාවක්!දොරත් අරන් අප්පොච්ච පැන්න එළියට!!!
bathroom එකට ඉහලින් ආව නියෝගයකට අනුව මාත් ගියා පස්සෙන්ම!!( ;) හා හා අන්ගෙ size එකෙන් බෑ මනින්නට මිනිසා.. :) )
අප්පච්චි අතේ කොස්සය! මේ.. plastic කෑල්ලෙන් කොස් කොටන්ඩද?( අතුගාද්දිත් කැඩෙන අලුත් තාලේ ස්ට්ය්ලිශ් කොසු වලට වඩා multi-purpose දේශීය කොසු වල අගේ මේ වෙලවට තම තේරෙන්නෙ!)
ඒක දමල ගහල ගත්ත උදලු මිටක්!!
මට ඉතින් තෝමර නෑ , පන්දම් කාරයනෙ!විඩුලි පන්දම CID කාරය වගේ හතර මුල්ලටම විද විද පස්සෙන් පැන්නුවත් අමුත්තාට තේ ටිකක් දෙන්ඩ වත් අඬ ගහන්ඩ පුලුවන් උනේ නෑ.
අතාරින් නැතුව සද්ද විද්ද පලඟ පතිරණ වගේ කන් යොමාගෙන හිටියත් මටනං අවංකවම කිසිම සද්දයක් ඇහුන් නෑ!ගෙදෙට්ට ම ඇවිත් කිසිම ආගන්තුක සත්කාරයක් කරන්ඩ බැරි වෙච්ච එක ගැන හිතත මොකද්දෝ කරගෙන අපි දෙන්න ආයෙ ගෙදර ආව.
අප්පච්චි සිද්දිය විස්තර කරා.
අම්ම bathroom එකට යනකොට අප්පච්චි ඉඳල තියෙන්නෙ ජනෙල් තියෙන කොටසෙ.ඉතින් ටික්කින් බලද්දි කව්දෝ ජනේලෙ මල් අස්සෙන් එබෙනවලු !:D
මට නම් විශ්වාසයි වැඩිහිටියන් දෙන්නම බත්‍රූම් එකේ හින්ද බෙල් එක ඇහෙන් නැති වෙයි කියල සද් කල්පනාවෙන් තමා අමුත්ත ජනේලෙන් එබිල පෙන්නුම් කරන්ඩ ඇත්තෙ තමා ආපු බව!!! ;)
ඉතින් එච්චර සද්ගුණවත්ව හිතල මතල වැඩ කරලත් අපි එලියට ආවම හදිස්සි කරල යන්ඩ ගියානෙ! :_(
මූණ වත් හරියට පෙන්නන් නැතුව ගියෙ නැත්තම් පාරක තොටක දී වත් ආයෙ හම්බුනොත් කතාකරන්ඩ තිබ්බ! කොහෙද ?!! එව්වාටවත් සිහියක් තිබ්බෙ නෑනේ, දිව්වනේ!ඒත් මන් මෙහෙම කියන එක වැරදී.මොකක් හරි හදීසිම වැඩක් තියෙන්ඩ ඇති!! ජීවිතයත් මරණයත් අතරෙ ජාතියෙ තීරණාත්මක වැඩැක් ද දන් නෑ නෙහ්! ;)
ඒ කොහොම උනත් ආයෙ අවොත් කහට කෝප්පයක් වත් බීල යන්ඩ අප්පා!! අපිටත් හිතට හරි නෑ නේ! ;)

නාන කාමරේ අපේ නාන කාමරේ
ReplyDeleteමේක අපේ කුණු හෝදන කාමරේ
බාල්දි කොකු එක දෙක පැටලෙනවා
අලි බාල්දි හිටගෙන පෙරලෙනවා
ඕන කෙනෙක් ඉන්නවාද
ඇදගෙන නා ගන්නවාද .....
adagena nanne makkatey ? wathura malen nanawa :D
Deleteඔරලෝසුවට අළුත් බැටරි කෑල්ලක් දැම්මනම් නරකද? ;-)
ReplyDeletedamm damma :D
Delete