Sunday, November 24, 2013

මෙන්න අලුත් කතාවක්  :) මේ කතාව මන් නොවන වෙනත් අනන්ත කීඩැවෙක් ලියපු එකක් !!කියෝලම බලන්ඩකො !! ;)



                                                          "අන්න මළගෙවල්"



ඇයි දෙයියෝ අපිව දාලා යන්නේ, මම කොහොමද වාවන්නේ, මට නම් මෙහෙ තනියම ඉන්ඩ බැරියෝ, පාන් රාත්තලක් අරන් එන්න ගිය ඔයා අවේ පෙට්ටියේ........., ඇයි මෙහෙම උනේ, කාටවත් වැරැද්දක් නොකරපු ඔයා......... බලන්ඩ නංගියේ ඉන්න අපූරුව අපි කියන එවා ඔක්කොම අහගෙන ඇහුනේ නෑ වෙගේ ඉන්නේ ඇයි රත්තරනේ...... මේවා ඇහෙන්නේ ඉතින් මළ ගෙවල් වල තමයි, හා ඉතින් ඒක එහෙමයි කියමුකො
අවසන් කටයුතු අනිද්දලු, හෙට හවස දිහා මළ ගෙදර ගිහින් එමු. පුතාටත් Class නැති එකේ එහෙම හොඳයි නේද? අම්මා අප්පච්චිගෙන් අහනවා මට ඇහුනා. කව්ද අම්මේ වලකජ්ජ ගහලා තියෙන්නේ, මම ඇහුවා. අහවල් අංකල්ගේ නෝනාගේ තාත්තලු, අම්මා ගත් කටටම කිව්වා. කියන්නේ හෙට හවස මළ ගෙදර යන නිසා මට බුල !!! මම පස්වනක් මෙව්වා එකෙන් පිනා ගියේ කොහේහරි යන්ඩ හම්බෙන නිසාය. මට change එකක් ලබා දීම සම්බන්ධව මැරුන සීයාට පිං. ඔන්න හෙට හවසට එළි උනා, අපි මළ ගෙදර පේන තෙක්මානයට ආවා කියමුකෝ. වාහනෙත් පොල් වැටෙන්නේ නැති ගහක් යටට දාලා මළ ගෙදරට ගොඩ වැදුණා.
දොර ලඟ හිටපු ඇන්ටීට ආයිබෝවන් කියලා එහෙම ඉතින් මිනිය තියල තිබ්බ තැනට ගියා. ගිහිල්ලා ටික වෙලවක් ඉස්සරහට අත් දෙක බැඳගෙන මිනිය දිහා බලන් ඉඳලා අප්පච්චී කරපු විදිහටම අවසන් ගෞරව දක්වලා ඉතින් අපි එලියට ආවා. එතකොටම නෑදෑයො කස්ටියක්ද කොහෙද ආවා. එතකොටම මළ ගෙදර අර හුරු පුරුදු අඬන වැලපෙන සද්දේ ඇහෙන්ඩ ගත්තා. හැබැයි පොඩි අව්ලක් තියනව කියලා එලියෙ හිටපු ටියුබ් ලයිට් නැති ඔක්කොටම තෙරෙන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. "බලන්ඩ මල්ලියේ මාමා පෙට්ටියේ ඉන්න ලස්සන....... අනේ උඹේ මාමා එදා එලියට ගියේ අලුත් වාහනයක් ගන්න බැංකුවෙන් ලස්ස 90ක් අරන් එන්න ... අපෝයි උන විනාසේ.... මම එත් කිව්වා මේ තියන ජීප් එකයි වෑන් එකයි අපිට ඇති කියලා.කොහෙද ඇහුවෙම නෑනේ......... (ඉකිගහන සද්දේ අපිටත් ඇහෙනවා) බලන්ඩ මල්ලියේ මාමා ඉන්න අපූරුව, පෙට්ටිය හොඳද කියන්ඩ මල්ලියේ, පෙට්ටියටයි එම්බාම් එකටයි ලස්ස එකාමාර පැන්නා. අලුත්ම සූට් එකක් ඇන්දුවා, එයගෙ පතේ පිලිප් එකත් අතේ බැන්දා මල්ලියේ, අපි මාමාව කනත්තට බෙන්ස් කාර් එකක එක්ක යමු මල්ලියේ, එයා සල්ලි ගේන්න ගියෙ බෙන්ස් එකක් ගන්ඩයි.... අපෙ අප්පො, මම මෙවා වාවන්නේ කොහොමද මල්ලියේ.......ඇයි කතා නැත්තේ මල්ලියේ......" තව තව සිද්දි පම්පොරි කිය කිය අඩනවා. ටිකකින් ටිකක් සද්දෙට පිරිමි කටහඩක් ඇහුනා ගේ ඇතුලෙන්. "එහෙම කොහොමද, අවසාන කැමැත්තේ තිබ්බා කියල උරුමෙ ගන්ඩ බෑ, අවුරුදු පහලවක් භුක්ති වින්දේ මම, අක්කේ මාත් එක්ක සෙල්ලම් කරලා මම නරක මිහිහ කියන්න එපා" හප්පා........ එලියෙ හට් වල හිටපු දුර නෑයෝ, අසල්වාසීන්, අපි වගේ හිත මිත්රාදීන් ඔක්කොමලා වගෙ තක්බීරි වෙලා හිටියෙ මේ වෙනකොටත්. අපිත් බිස්කට් එකක් කාලා ඇපල් ජුස් වීදුරු වලට වග කියමින් හිටියෙ. (ඒකත් සුපුරි ), හා දැන් ඉතින් අප්පච්චී යන්ඩ ඉක්මන් කරනවා කියලා මූණ බලපුහාම කියන්ඩ පුලුවන්. උගුරට දෙකට බීම එක බීලා අම්මයි අප්පච්චී යනවා කියන්ඩ අප්පච්චීගේ යාලුවා හම්බෙන්ඩ ගියා, මාත් පස්සෙන් ගියා. අංකල් ලැජ්ජාවෙන් රෝස පාට වෙලා වගේ. අපි යන්නං කිව්වහම අංකල් "හරි මචං ආවට බොහොම ස්තූතී, 11රෑ බණ, 12 දානේ, පුලුවන්නම් සහභාගී වෙන්න කියලා අප්පච්චීට කියනවා ඇහුනා. නිමාඩු තියෙයිද දන්නෑ, බලමුකෝ කිව්ව අප්පච්චී ආපහු ගෙදර ඇවිත් දොර අරින ගමන් කිව්ව වචන දෙක මට තාම මතකයි.....
"අන්න මළගෙවල්"

3 comments:

  1. මළ ගෙදරක ඇපල් ජූස්? අම්ම මුත්තා කාලෙවත් අහපු කතවක්ද, මෙහ් ඇමීගෝ, පොඩ්ඩක් හොයලා බලල කියනවද මේ පවුලේ ඊළඟ ටිකට් එක ලඟයිද කියලා, අපිත් ඉතින් අවසන් ගෞරව දක්වන්න ආසයි මේ වගේ උදවියට :පි

    ReplyDelete
  2. :D mewwa nam danna aygenmai ahanda wenne :D
    mage athdakeemak newene XD

    ReplyDelete